ආවේ කුස තුළට
නුඹෙ ආදරේ දුටු තැන
නුඹ ඉකි ගසා
හඩන විට
මටත් හැඩුනා
නුඹට නොකියම
නුඹේ අසරණකම
මා නොදැන සිටියද
පියෙක් නොම විය
ඔහු පාපතරයෙකි
මා මරන්නනට
වදන දුන්නේ කෙලෙසක
ආවේ සොම්නසින්
ඔබ දෙපලට දාව
මෙලොව එළි දකින්නට
තරහ නැහැ අම්මේ
මට පින් මදි ඇති
මේ භවේ ඉපදෙන්න
අදට යන්නම් මා
ඊළග භවේක එන්නම්
නුඹෙ පුතුම වී
දරු සෙනෙහෙ දන්නා
පියෙකු සිටි කලක...
No comments:
Post a Comment