Thursday, May 21, 2020

ගිරි ශිඛර මුදුනේ...

අහස් කුසකට යන්න දගලන
මහා පව්වකි අසිරි ගෙන දෙන
සිසිල් සුලගින් ගත වෙලාගෙන
සිටී උන් හා තුරුළු වී ගෙන

දරා ගන්නට නොහැකි රශ්මිය
තුරු ලතා සිත් සනසවාගෙන
සිටිනෙ සැම දුක සැප දරා ගෙන
හිරුට හොරහින් වෛර කරමින

ඈත අහසේ දිලෙන තරුවට
නොපමණා පෙම් කෙරූ වරදට
පිරී ගොස් ඇත දෙනෙත් අභියස
ගලා ගියෙ මහ ගගක් විලසට

එලෙස මවනා අසිරි බැලුවද
ගගේ නා සොම්නසක් ලැබුවද
තෙදස් පෙන්වා නැගී සිටියද
කවුරු දන්නෙද ගිර විදින දුක

සිත් සතන් හෙම සනසවාලන
වේදනාවන් තනිව විද ගෙන
දරා ගන්නට නොහැකි වූ කල
නෙරා යයි දුක් සුසුම් සෝ මැද

No comments:

Post a Comment