Sunday, May 30, 2021

ඇය...

සොදුරු මුව තඹර 
පිපි මලක් වන්
තබන පා තුඩු
නලගනක් වන්
සිත් සතන් 
ඇද තබා ගන්
සිනහ මුව
හද ගොළු කරන්...

 නොසිතු සේ සිත
සොරා ගත්
පෙම් කලා
දුටු දා පටන්
දුරින් හිද පෙම්
කරමි දැන්
හදින් හදකට
ලං කරන්...

Sunday, May 9, 2021

පතමි සුභාසිරි...

හිතවතෙක් නුඹ 
මුණ ගැසුනත් අහඹු
මිතුදමක් විය
කිම එක ළගකින් නොරැදූ
වදනින් පවා 
සිත් සනසන්නට හිදපු
සොයුරා නුඹයි
කෙටි කලකින් වූ මිතුරු...

අමුණමි එකින් එක 
පද වැල් මෙලෙස ගෙතූ
ආසිරි මල් 
පිපියන් දිවිමගෙහි සිතූ
පතනෙමි ඉදින්
නිදුකින් කල් ගෙවන් මතූ
සුභාසිරි පතමි ඔබ හට
......... වස සපිරූ...