ජීවිතය වනාහි දෙපැත්ත පෙරලෙන කාසියක්. ඒ කාසියෙ දෙපැත්ත සමබර කරගන්න කොච්චරම හිතුවත් සිතුවිලි ඒකට ඉඩක් දෙන්නෙම නෑ. සතුට එන වෙලාවල් වගේම මුළු ජීවිතේම බිමටම කඩා වැටෙන වෙලාවල් නැතුවම නොවේ. ඒ වෙලාවට අපි ලග කෙනෙක් ඉන්නව කියන්නෙ ඒක කියාගන්න බැරි සතුටක්. ඒත් ගොඩක් දේවල්වලට වග කිව යුතු පාර්ශවය හැමදේම කරල මග ඇරල යනව කියන්නෙ වෙන කවුරු ලග හිටියත් අපි අසරණ වෙනවා. ඒ අසරණකමත් එක්ක තනිකම එකතු උනාම මිනිසාට ජීවිතෙන් සමුගන්න හිතීම එක අතකින් සාධාරණීකරණය කරන්නත් පුලුවන්. ඒත් මං කියන් නෑ ඒක තමයි තියන එකම විසදුම කියල. ඒත් අද සමාජයේ බහුතරය හොයන් යන විසදුම ඒක වෙලා තියනවා.
අපිට ගොඩක් වෙලාවට බෑ කාසිය පෙරලෙන්නෙ නැති පිහිටීමක තියා ගන්න. ඒක හැම වෙලේම මොකක් හරි පැත්තකට පෙරලෙනවා. අපේ ජීවිතයත් ඒ වගේම තමයි පොඩි වෙලාවක් බලෙන් හරි නොපෙරලී තියා ගත්තත් මොන යම් වෙලාවක හරි ඒක අසමබර වෙලා පෙරලිලා යනවා.
Wednesday, November 20, 2019
Sunday, November 17, 2019
නොමියෙන මිතුදම...
දිනෙක හමු වුණා නොසිතූ විලස මෙමා
මිතුදම ඇරඹුණා එතැනින් නොවී පමා
ලේ සොහොයුරෙක් ලෙස මට දුන්නු ඔවා
ලගට වෙලා සැනසූ සිත තනිය මකා
එක්වී සතුටු වූවා දුක් නිවා දමා
විසදුම් සොයා ඇදී ගියා උදේ හවා
සිනාසුනා එක්වී අප එකල දිහා
කදුලක් නැගේ එම කල නොපෙනීම ගියා
හඩන්නට ඉඩක් නෑ ඔබ ලග හිටියා
හඩනා විටදි සැනසූ ඔබෙ විහිළු කතා
දුටුවා කදුලු ඇස් අග සගවන්ට සිතා
මිතුදමෙ අගය දැනුණා ඒ මොහොතෙ පවා
අදුරු වළා ආවා අප නොසිතු දිහා
බිදී ගියාදෝ සිත් පිත් නොවී පමා
ඉද හිට පැවසුවා අප ගෙතූ මුසා
වෙර දැරුවේ මිතුදම රැක ගන්ට මෙමා
වරදක් කළත් සිතකින් නොව දෙන්න සමා
ඔබ කී ලෙස බොක්කෙන් මට උදව් කළා
අමතක නොවේ ඒ fit 1 මැරෙන තුරා
සතුටින් ඉනු මැනවි සිත්සේ දිවිය පුරා
මිතුදම ඇරඹුණා එතැනින් නොවී පමා
ලේ සොහොයුරෙක් ලෙස මට දුන්නු ඔවා
ලගට වෙලා සැනසූ සිත තනිය මකා
එක්වී සතුටු වූවා දුක් නිවා දමා
විසදුම් සොයා ඇදී ගියා උදේ හවා
සිනාසුනා එක්වී අප එකල දිහා
කදුලක් නැගේ එම කල නොපෙනීම ගියා
හඩන්නට ඉඩක් නෑ ඔබ ලග හිටියා
හඩනා විටදි සැනසූ ඔබෙ විහිළු කතා
දුටුවා කදුලු ඇස් අග සගවන්ට සිතා
මිතුදමෙ අගය දැනුණා ඒ මොහොතෙ පවා
අදුරු වළා ආවා අප නොසිතු දිහා
බිදී ගියාදෝ සිත් පිත් නොවී පමා
ඉද හිට පැවසුවා අප ගෙතූ මුසා
වෙර දැරුවේ මිතුදම රැක ගන්ට මෙමා
වරදක් කළත් සිතකින් නොව දෙන්න සමා
ඔබ කී ලෙස බොක්කෙන් මට උදව් කළා
අමතක නොවේ ඒ fit 1 මැරෙන තුරා
සතුටින් ඉනු මැනවි සිත්සේ දිවිය පුරා
Thursday, November 14, 2019
හුදකලාව සතුටකි ඇයට...
සරදමක් - නැත එහි පෙමක්
යුතුකමක් - ගැන නැත අදහසක්
හමුවිමත් - මහ පුදුමයක්
මිතුදමක් - ඇත එහි වැඩි යමක්
තනිකමක් - නැත විසදුමක්
මන්ද එය සීයට පනහක පෙමක්
යුතුකමක් - ගැන නැත අදහසක්
හමුවිමත් - මහ පුදුමයක්
මිතුදමක් - ඇත එහි වැඩි යමක්
තනිකමක් - නැත විසදුමක්
මන්ද එය සීයට පනහක පෙමක්
Subscribe to:
Posts (Atom)