Monday, April 26, 2021

දෙලොවක් අතර මා...

මටත් නොදැනිම
මගේ හිත අද
නතර වී ඇත
දෙනෙත අභියස...

ඇසෙන ඒ හඩ
මැවෙන රූපය
දවාලයි හද
කිමද නොදැනිම...

අහිමි කර ගත
නොහැක මිතුදම
බලමි නෙත් දෙස
දුරින් හිද මම...

Sunday, April 25, 2021

සෙනෙහස...

කිරිල්ලියකව ඉගිල යන්නට
සිහින දැක්කා මා එදා
ඉගිල යන්නට මන් විවර කර
තටු දුන්නෙ නුඹෙ තටු සිදා...

සිහින දුටු ඒ මැවූ ලෝකය
කුරිරු බව වැටහුණු නිසා
නැවත ආපසු යන්න සිතුවෙමි
සිනහ මැවු ලෝකය පතා...

ඉගිල යන්නට වරම් දුන්නත්
නොහැක යන්නට පියඹලා
සතුට රැදි ඒ නුඹේ තුරුලේ
ඉන්න ආසයි ගුලි වෙලා...

නව යොවුන් හිතවතා...

දිනක ඇරඹුණු මිතුදම 
මියුරු ස්වරයට ලැදිකම
දවාලයි මුළු මසිතම
ගෙනදෙයි ඔබට සැනසුම...

වලා ගත් හිතවත්කම
නොමැතිමුත් වචන ගැලපුම
පද බදී හැම රැයකම
කිසිවකුට හොර රහසෙම...

අපැහැදිලිමුත් අග මුල
සිත් සතන් සනහාලන
කිව නොහැකි ඒ පද වැල
සොදුරුය ඔබට හා මට...