මගේම නොවන
මගේම
දේවල් අභියස
කිසිදා නොයන
සැමදා ලග සිටින
වටිනා වස්තුවකි
ඔබ
මටම හිමි
සතුටත් ඔබය
දුකත් ඔබය
කිසිදා මා
දමා නොයන...
Saturday, April 25, 2020
Thursday, April 23, 2020
අහසට පොළොව...
වැහි වලාකුළේ තෙමන් එපා
මහ පොළොව මෙතරම්
දරා ගන්නට බැරිව ගිය කල
ගරා වැටෙනෙමි නුඹට රහසෙම...
සිහින් වැහි පොද සහනයකි මට
නමුදු ඔබහට දරා ගන්නට
නොහැකි සැම විට පිළිගනිමි මම
මහා වැහි පොද සැනසුමට නුඹ...
මහ පොළොව මෙතරම්
දරා ගන්නට බැරිව ගිය කල
ගරා වැටෙනෙමි නුඹට රහසෙම...
සිහින් වැහි පොද සහනයකි මට
නමුදු ඔබහට දරා ගන්නට
නොහැකි සැම විට පිළිගනිමි මම
මහා වැහි පොද සැනසුමට නුඹ...
Friday, April 3, 2020
කවියා...
ගිණි ගෙන දැවෙන දුක්
දියෙන් තෙමලා මැකුවට
දිය දැවෙන දුක්
ගින්නට නිවන්න බෑ...
උඹේ පාලුව මං මැකුවට
අද මගේ පාලුවට
උඹේ හෙවනැල්ලවත්
මං ළග නෑ...
~උපුටා ගැනීමකි...~
දියෙන් තෙමලා මැකුවට
දිය දැවෙන දුක්
ගින්නට නිවන්න බෑ...
උඹේ පාලුව මං මැකුවට
අද මගේ පාලුවට
උඹේ හෙවනැල්ලවත්
මං ළග නෑ...
~උපුටා ගැනීමකි...~
Subscribe to:
Posts (Atom)