Friday, July 24, 2020

ආදරබර අයියේ...

හීනෙනුත් ආදරයෙන් මා රැක බලාපු
පියෙකු මෙන් සෙනෙහස මට බෙදාපු
නියමුවකුව දිවි මං පෙත් තනාපු
අයියේ ඔබයි දිවි හිමියෙන් ලබාපු

රණ්ඩු වෙවී සිනහ වෙවී වූ කාලය ගෙවලා
සවිමත් වූ සොයුරු පෙමින් ඔබ හා බැදිලා
යහමග වෙත පියමනින්න ඔවා දහම් දීලා
දිවිය ගෙවන්නට මා හට මිණි පහනක් වීලා

පෑ සදක් විය ඔබ මගෙ මුළු ලෝකයට
නොපෙන්වා හිත පුරා ආදරය දීලා මට
සීමා පැන ගොස් රැක්කේ මා ඒ ලෙසට
පතනෙමි මල් පිපියන් ඔබෙ දිවි මගට


Saturday, July 18, 2020

කාලය...

ගෙවී ගොස් ඇත
තිබූ කාලය
සදා නින්දට 
පසුව හෙලනා
කදුළු බිදුවට
වඩා අගනෙය
දිවිය ඇති විට 
මුවට පුදනා
සිනහ මුසු මුව...

Wednesday, July 15, 2020

පෙරළියක මහිමය...

පස්විය පොඩි පුතු හැඩුවා දවසක
මව්තුම අත එල්ලී
දිවා සුරැකුමෙන් පිටවී යන්නට
මොහොතක් ඇති විටදී
යන්න එපා අනෙ පාළුයි මට දැන්
අනේ මගේ අම්මේ...

දින සති ගෙවුණිය සූසැට වසරක්
මව් පුතු සෙනෙහසිනී
උගතෙකු කරනට යම් මතු දිනයක
දිව රෑ වෙහෙස වුණී
ඇත එහි මල් ඵල දෙඇස් ඉදිරිපිට
පුත ලොකු මහතකු වී...

තනිකම පාළුව හිදිනට නොහැකිය
ඉකිබිද හදවතිනී
අතේ නො එල්ලී සිතින් සිතන්නිය
දමා නොයන් පුතුනී
මහළු නිවාසේ අද මා තනි විය
තරහක් නෑ පුතුනේ...