රණ්ඩු වෙන්නට තරහ වෙන්නට
රස රහස් හෙම බෙදා ගන්නට
මතක ගොන්නක් මවා දෙන්නට
හිටියෙ මට නුඹ විතරමයි...
ගහ මරා ගත් දවස් තිබුණද
බෙදා ගෙන දුක සතුට එක ලෙස
වැටුණු තැන්වල සවිය වී මට
පියෙක් බදු සොහොයුරෙක් ඔබ විය...
සතුටු කදුළුය ඇයට සේ මට
ඉදින් පතනෙමි ගමන සුභ ලෙස
නේක විසිතුරු මල් වියන් මැද...