Saturday, August 22, 2020

කාලය මැවු වෙනසක අරුමේ...

ඔව් ඇත්ත 
ඇයත් ආසයි  
දොඩමළු වෙන්න 
ඔබත් එක්ක 
ඉර බැස යන    
හැන්දෑවක  
මූදු සුළගේ 
පහස විදිමින් 
රසම රස 
කහට කෝප්පයක 
රස බලන
නිමේෂයක...

Tuesday, August 18, 2020

පතොක් ගසක්...

ඵලින් බර
මලින් පිරි 
ගසක් වෙද 
ඵලක් නැත
වෙයන් නුඹ  
හැකිතොත් 
පතොක් ගසක් 
හඩා වැලපී 
සෙවණ නොපතන 
වැහි පොදට
ආශාව නොමවන 
හුරු වුනා ඇය 
ඇති සැටියටම 
හිරු කිරණ හා 
ගත වෙලාගෙන 
ඉඩෝරයෙදිත්
සිනා සී ගෙන...