වස්සානය
ගෙවී යත්ම
දනිමි දිනක
ඉඩෝරය
එන බව
පිලිගමි තුටින්
යලිදු වස්සානය
එන බව
සිහි ගෙන
වසන්තයේ
මල් හිනහුනේ
හඩන්නට වෙන
බැව් සිතින් ගෙන
අකමැති
සිතින් වුව
සොබා දහමට
පිටු පෑ නොහැක
සිනහ අතරින්
කදුල වැටුනද
දිනක් උරුමයි
සිනහ කැන්දන...
Friday, March 27, 2020
Thursday, March 26, 2020
අහිමි නෙත්...
නුඹ මට හිමි දාක
මට නුඹ හිමි දාක
අප හිනැහෙයි
මේ ඉර හද යට
කොහි හෝ හිද...
එනතුරු එදවස්
අවිනිශ්චිත ඇස්
බලා හිදියි දෙස
සැගවූ කදුලින්
නොසිතූ විලසින්...
මහමෙරකට සම
සෙනේ සිතින් තම
විදිනා දුක් කද
නොදෙනා ඔබ කිම
දනීද මෙලෙසින්...
දෙතැනක අද අප
පිරි ආලය මැද
සගවනු බෑ නුඹ
වෙහෙසක් ගත්තද
මවනා මුවගින්...
මට නුඹ හිමි දාක
අප හිනැහෙයි
මේ ඉර හද යට
කොහි හෝ හිද...
එනතුරු එදවස්
අවිනිශ්චිත ඇස්
බලා හිදියි දෙස
සැගවූ කදුලින්
නොසිතූ විලසින්...
මහමෙරකට සම
සෙනේ සිතින් තම
විදිනා දුක් කද
නොදෙනා ඔබ කිම
දනීද මෙලෙසින්...
දෙතැනක අද අප
පිරි ආලය මැද
සගවනු බෑ නුඹ
වෙහෙසක් ගත්තද
මවනා මුවගින්...
Thursday, March 19, 2020
ඒ තමයි අප්පච්චි...
වසංගතයක් යනවලු දුර රටකින් ගෙනාව
ගෙදරට වෙලාම ඉන්නලු බෝ වෙනවලු ඒක
ඊයෙ නෝන දුන්නු හාල් ඉවරයි දැන් වේල
මගේ පැටව් බඩගින්නෙනේ කෝ විසදුම් ඊට
ලොකු මහතුන් කූඩ පුරා ගෙනයනවලු කෑම
මගෙ එකාට ගත් කිරි එක පෝලිමේනෙ තාම
ලෙඩේ හැදිල මැරිල ගියොත් මගෙ උන් ටික කෝම
දවසෙ වේල හොයා ගම්ද හිතට දුකයි බෝම
එහෙව් කියල වැඩට නොයා කෑම සොයනු කෝම
එහෙම හිතල එලි බැස්සේ වැඩක් කරනු පිණිස
ටවුම පුරා පාලුයි අද රස්සාවක් කෝම
හිගා කන්න තමයි වෙන්නෙ මේ ලෙඩ පිට අපිට
පහත් තැනින් තමයිලුනේ ගලා යන්නෙ ජලය
තැලිලා පොඩි වෙලා යන්නේ පොඩි මිනිහා තාම
පිනක් සිද්ද වෙයි කොරෝනා ආ තැනකින් කෝම
යන්න යනවකෝ හාමතෙ තියනු බෑනෙ මුන්ව
ගෙදරට වෙලාම ඉන්නලු බෝ වෙනවලු ඒක
ඊයෙ නෝන දුන්නු හාල් ඉවරයි දැන් වේල
මගේ පැටව් බඩගින්නෙනේ කෝ විසදුම් ඊට
ලොකු මහතුන් කූඩ පුරා ගෙනයනවලු කෑම
මගෙ එකාට ගත් කිරි එක පෝලිමේනෙ තාම
ලෙඩේ හැදිල මැරිල ගියොත් මගෙ උන් ටික කෝම
දවසෙ වේල හොයා ගම්ද හිතට දුකයි බෝම
එහෙව් කියල වැඩට නොයා කෑම සොයනු කෝම
එහෙම හිතල එලි බැස්සේ වැඩක් කරනු පිණිස
ටවුම පුරා පාලුයි අද රස්සාවක් කෝම
හිගා කන්න තමයි වෙන්නෙ මේ ලෙඩ පිට අපිට
පහත් තැනින් තමයිලුනේ ගලා යන්නෙ ජලය
තැලිලා පොඩි වෙලා යන්නේ පොඩි මිනිහා තාම
පිනක් සිද්ද වෙයි කොරෝනා ආ තැනකින් කෝම
යන්න යනවකෝ හාමතෙ තියනු බෑනෙ මුන්ව
Tuesday, March 17, 2020
මිලින කුසුම...
මමත් හිටියා
දිනක ඔබ වැනි
සිඹ මුවග මා
ලද බෝ සැළකිලි
පුසුඹ විහිදා
මනබදන සිරි
ආලෙ කල උන්
අද කොහේ සිටි
තුටින් ඉමි ඔබ
දෙස බලා නිති
හදා ගන් සිත
මෙවන් වෙයි සකි...
දිනක ඔබ වැනි
සිඹ මුවග මා
ලද බෝ සැළකිලි
පුසුඹ විහිදා
මනබදන සිරි
ආලෙ කල උන්
අද කොහේ සිටි
තුටින් ඉමි ඔබ
දෙස බලා නිති
හදා ගන් සිත
මෙවන් වෙයි සකි...
Subscribe to:
Posts (Atom)

