කවදාවත්
පිපෙන්නෙ නැති...
නොපිපි නිසා
පරවෙන් නැති...
රේණු තලා
රොන් ගන් නැති...
පුසුඹ නිසා
අසිරිය ඇති...
නොපිපි මලකි
අතු අග ඇති...
කවදාවත් එක්
වෙන් නැති...
කවදාවත් වෙන්
වෙන් නැති...
හිමි නූනත්
අහිමිත් නැති...
වෙන කවුරුත්
දන්නෙත් නැති...
බැදුම් ලොවේ
කොතෙකුත් ඇති...
No comments:
Post a Comment