Monday, January 27, 2020

හැර ගිය මිතුර...

නිතර නිතර මතක් වෙනවා
තාමත් මට නුඹව
කතා බහට විදියක්වත්
තිබ්බා නම් කියලා
දවස් ගණන් ඒ කාලේ
කතා කරපු තරම
සිහිවන විට ඇසට
කදුළු නැගේ එමට

දැක ගන්නට ආසයි
තවත් එක පාරක් 
ඔය ඇස් දෙක
වෙනස් වෙලා ඇති නේද
ආරංචි වෙනවා
උඹ බිසී වෙන්න හදනවා
කමක් නෑ උඹට හරි යනව නම්
එච්චරයි මට ඕන

අහම්බෙන් හම්බුනොත් දවසක
වෙන මුකුත් එපා බන්
ඉස්සර වගේම
උඹේ අත් දෙකෙන්
තුරුලට ගනින් මාව
මට ඇඩෙයි සනසපන් එදා වගේම මාව
ඒ ඇති බන් මට
අපේ තිබ්බ යාලුකමට