සදට අහස හැමදාම හිටියත්
සද අහසට පාළුව මැකුවත්
තරු පොකුර තුරුලේම සිටියත්
අහසට සද හැමදාම හිමි නෑ...
මලක් පිපුමට ගසක් තිබුනත්
එමලෙ බර ගස දරා සිටියත්
සුවද විහිදා තනිය මැකුවත්
ගසට මල හැමදාම හිමි නෑ...
රුදුරු රළ පෙළ වෙරළ සිම්බත්
පෙණ නගා අසිරියක් මැව්වත්
ඉකි ගසා විත් සෙනෙහෙ කෙරුවත්
රළට වෙරළ හැමදාම හිමි නෑ...

No comments:
Post a Comment