සිතක් රිදවා
වචන ගලපා
දුරක ඇදුණා...
කදුළු පුරවා
සිනහ මැවුවා
ලොවට රහසේ
සිතක් බිඳුණා...
තනිව හඬනා
රැයන් ගෙවුණා
සඳට රහසේ
කදුළු පිසුවා...
පැතුම් පුරනා
කලක් ගෙවිලා
මතක හමුවේ
පෙමක් පිදුවා...
පෙරුම් පුරලා
කලක් තුල මා
අවසානෙදී
සෙනෙහෙ පිදුවා...
තනිකඩයි මා
දිවි ඇති තුරා
ඉගිල ගිය දා
ලොවම රවටා...
නොපතමී මා
දිවි ඇති තුරා
නැවත ඒමක්
ගිය මග කරා...
........................
........................
........................
...........................
No comments:
Post a Comment