Thursday, October 31, 2019

ආදරබර පියාණනි...

වැදූ මවට දෙවෙනි නොවන
ලෙස ඔබ මා හැදුවා
ඔවා දහම් දී අප වෙත
යහමගටම ගත්තා
මවා දෙන්න සුරපුරයක්
මහ වෑයම් දැරුවා
අවැසි වෙන්නෙ අපගෙ සතුට
නොකියා ඔබ කීවා
ඔබේ සැපත සතුට  අප
වෙනුවෙන් කැප කෙරුවා
දුටුවෝතින් අපෙ හසරැල්
ඔබගෙ දෑස දිලුණා
උපන්දිනේ පතමි ඔබට
දිවිමග දිගු වේවා
නීරෝගී සැපත සතුට
සපිරේවා දිවිය පුරා...


No comments:

Post a Comment