එක හිත පරිස්සම් කරගෙන
හුස්ම වගේ
දෙඅවුරුද්දකුත් ආවා
එකම මගේ
සැනසුන දෑස් කීවා නෙව
රහස පෙමේ
දෙන්නට දෙන්න හිටියා
හෙවනැල්ල වගේ
රහසේ බැන්ද පෙම තිබුනා
හද ගැඹුරේ
දාහක් බොරළු වැදුනත් නෑ
වෙනස් වුනේ
පුදුමේ මොකද එහෙමයි
සංසාර සෙනේ
රාමාට නොවෙද සීතගෙ අත
අයිති වුනේ
කදුලක් වුවත් වූවා
දිරියක්ම හිතේ
නපුරක් නොවී රැක දෙන්
හසරැල්ල මුවේ
සදාකල්ම මේ පෙම් හිත්
අහස වටේ
පායා තියේවා දේදුනු
පාට හතේ...
No comments:
Post a Comment