ගෙදරට වෙලාම ඉන්නලු බෝ වෙනවලු ඒක
ඊයෙ නෝන දුන්නු හාල් ඉවරයි දැන් වේල
මගේ පැටව් බඩගින්නෙනේ කෝ විසදුම් ඊට
ලොකු මහතුන් කූඩ පුරා ගෙනයනවලු කෑම
මගෙ එකාට ගත් කිරි එක පෝලිමේනෙ තාම
ලෙඩේ හැදිල මැරිල ගියොත් මගෙ උන් ටික කෝම
දවසෙ වේල හොයා ගම්ද හිතට දුකයි බෝම
එහෙව් කියල වැඩට නොයා කෑම සොයනු කෝම
එහෙම හිතල එලි බැස්සේ වැඩක් කරනු පිණිස
ටවුම පුරා පාලුයි අද රස්සාවක් කෝම
හිගා කන්න තමයි වෙන්නෙ මේ ලෙඩ පිට අපිට
පහත් තැනින් තමයිලුනේ ගලා යන්නෙ ජලය
තැලිලා පොඩි වෙලා යන්නේ පොඩි මිනිහා තාම
පිනක් සිද්ද වෙයි කොරෝනා ආ තැනකින් කෝම
යන්න යනවකෝ හාමතෙ තියනු බෑනෙ මුන්ව

No comments:
Post a Comment