ජීවිතය වනාහි දෙපැත්ත පෙරලෙන කාසියක්. ඒ කාසියෙ දෙපැත්ත සමබර කරගන්න කොච්චරම හිතුවත් සිතුවිලි ඒකට ඉඩක් දෙන්නෙම නෑ. සතුට එන වෙලාවල් වගේම මුළු ජීවිතේම බිමටම කඩා වැටෙන වෙලාවල් නැතුවම නොවේ. ඒ වෙලාවට අපි ලග කෙනෙක් ඉන්නව කියන්නෙ ඒක කියාගන්න බැරි සතුටක්. ඒත් ගොඩක් දේවල්වලට වග කිව යුතු පාර්ශවය හැමදේම කරල මග ඇරල යනව කියන්නෙ වෙන කවුරු ලග හිටියත් අපි අසරණ වෙනවා. ඒ අසරණකමත් එක්ක තනිකම එකතු උනාම මිනිසාට ජීවිතෙන් සමුගන්න හිතීම එක අතකින් සාධාරණීකරණය කරන්නත් පුලුවන්. ඒත් මං කියන් නෑ ඒක තමයි තියන එකම විසදුම කියල. ඒත් අද සමාජයේ බහුතරය හොයන් යන විසදුම ඒක වෙලා තියනවා.
අපිට ගොඩක් වෙලාවට බෑ කාසිය පෙරලෙන්නෙ නැති පිහිටීමක තියා ගන්න. ඒක හැම වෙලේම මොකක් හරි පැත්තකට පෙරලෙනවා. අපේ ජීවිතයත් ඒ වගේම තමයි පොඩි වෙලාවක් බලෙන් හරි නොපෙරලී තියා ගත්තත් මොන යම් වෙලාවක හරි ඒක අසමබර වෙලා පෙරලිලා යනවා.
No comments:
Post a Comment